සුළු පොලිය ප්‍රශ්න හා පිළිතුරු

About Techyleaf

පොලිය (INTEREST)

සුළු (පොලිය)

අවශ්‍ය කොටස් ප්‍රශ්නය Click කරන්න. එවිට පිළිතුර දිස්වේ.

ආයෝජනය කළ හෝ ණයට දුන්‌ මුදල පමණක්‌ සැලකිල්ලට ගෙන ගණනය කරනු ලබන පොලිය සුළු පොලියයි.
සුළු පොලිය ගණනය කිරීමට ඇත්තේ එක්‌ සූත්‍රයකි..

සුළු  පොලිය  ගණනය  කිරීමට  ඇත්තේ  එක්‌  සූත්‍රයකි. 

සුළු  පොලිය  ගණනය  කිරීමේ  සූත්‍රය : I = Pnr

I - පොලිය,

P - මූලික  මුදල

n - කාලපරිච්ඡ්ද  ගණන 

r - පොලී  අනුපාතය 

(1) රු. 500/- ක්‌ ණයට ගත්‌ මිනිසෙක්‌ රු, 575/- ක්‌ ගෙවා ණයෙන්‌ නිදහස්‌ විය. ඔහු ගෙවූ පොලිය කොපමණ ද ?


  • පිළිතුරු බලන්න
  • ණයට ගත්‌ මුදල = රු 500

    ගෙවන ලද මුළු මුදල = රු 575

    පොලි මුදල = රු 575500

    = රු 75


(2)රු. 2500/- ක්‌ ණයට ගත්‌ මිනිසෙක්‌ එම ණය ගෙවන ලද්දේ රු. 400/- බැගින්‌ වූ වාරික 7 කිනි. ඔහු ගෙවූ පොලිය කොපමණ ද?


  • පිළිතුරු බලන්න
  • ණයට ගත්‌ මුදල = රු 2500

    වාරික 7 ට ගෙවන මුදල =රු 400×7= රු 2800

    ගෙවන ලද පොලිය =රු 28002500

    = රු 300


(3)වසරට 18% සුළු පොලියට ණයට ගත්‌ රු. 2000/- ක ණය මුදලක්‌ සඳහා වසරකට ගෙවිය යුතු සුළු පොලිය කොපමණ ද ?


  • පිළිතුරු බලන්න
  • ලබා ගත්‌ ණය මුදල = රු 2000

    වාර්ෂික පොලි අනුපාතය = 18%

    වසරක පොලි මුදල =2000×18100

    = රු 360


(4)රු. 15,000/- ක මුදලක්‌ 16% වාර්ෂික පොලියට ණයට ගැනීමෙන්‌ වසර 2 1/2 ක්‌ සඳහා ගෙවිය යුතු සුළු පොලිය ගණනය කරන්න.


  • පිළිතුරු බලන්න
  • ණයට ගත්‌ මුදල = රු 15000

    වාර්ෂික පොලි අනුපාතය = 16%

    වසරක්‌ සඳහා පොලිය රු = රු 15000×16100

    වසර 212 සඳහා පොලිය රු =15000×16×5100×2 = රු 6000


(5) 7%ක වාර්ෂික පොලී අනුපාතයක්‌ යටතේ රු. 3,000ක්‌ සඳහා වසරක සුළු පොලිය සොයන්න.


  • පිළිතුරු බලන්න
  • I = Pnr 

    P = රු. 3000 

    n = වසර 1 

    r = 7% = 7100 = 0.07 

    I = 3000 × 1 × 0.07

    I = රු 210


(6) 8%ක වාර්ෂික පොලී අනුපාතයක්‌ යටතේ රු. 5,000ක්‌ සඳහා වසර 5කට සුළු පොලිය සොයන්න.


  • පිළිතුරු බලන්න
  • I = Pnr 

    P = රු. 5000 

    n = වසර 5 

    r = 8% = 8100 = 0.08 

    I = 5000 × 5 × 0.08

    I = රු 2000


(7) 12%ක වාර්ෂික පොලී අනුපාතයක්‌ යටතේ රු. 10,000ක්‌ සඳහා මාස 6කට සුළු පොලිය සොයන්න.


  • පිළිතුරු බලන්න
  • I = Pnr 

    P = රු. 10000 

    n = මාස 6 = වසර 612

    r = 12% = 12100 = 0.12 

    I = 10000 × 612 × 0.12

    I = රු 600


(8) 10%ක වාර්ෂික පොලී අනුපාතයක්‌ යටතේ රු. 24,000ක්‌ සඳහා මාස 2කට සුළු පොලිය සොයන්න


  • පිළිතුරු බලන්න
  • I = Pnr 

    P = රු. 24000 

    n = මාස 2 = වසර 212

    r = 10% = 10100 = 0.10 

    I = 10000 × 212 × 0.10

    I = රු 400


මෙහිදී පොලිය ගණනය කිරීමේදී මුල්‌ මුදල පමණක්‌ සළකනු ලැබේ.

(9) රු 50 000 ක ණය මුදලක්‌ 8% වාර්ශික සුළු පොල්‌ අනුපාතිකයක්‌ යටනේ ණයට ගත්‌ අයකුට ණයෙන්‌ නිදහස්‌ වීම සදහා වසර 2 කට පසු ගෙවිය යුතු පොලියත්‌ මුළු මුදලත්‌ සොයන්න.


  • පිළිතුරු බලන්න
  • රු 100ට වසර 1කට පොලිය  = රු 8 

    රු 50000ට වසර 1කට පොලිය = රු 50000×8100= රු 4000

    රු 50000ට වසර 2කට පොලිය =රු 4000×2= රු 8000

    ගෙවිය යුතු පොලිය = රු 8000

    ගෙවිය යුතු මුළු මුදල = රු 50000+රු 8000

     = රු 58000

0 Comments:

Post a Comment

Scroll To Top